Wednesday, May 31, 2023

සන්නිවේදන වර්ගීකරණය

සන්නිවේදන වර්ගීකරණය

අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය

මෙය පුද්ගලයා තුළම සිදුවන සන්නිවේදන ක්‍රියාවලියකි. මෙම සන්නිවේදන වර්ගය තුල තීරණ ගැනීමට ප්‍රමුඛත්වයක් හිමිවේ. සෑම තැනැත්තෙකුම කුඩාකළ සිට පන්චෙන්ද්‍රියෙන් තොරතුරු එක් රැස් කර ගනී. එම තොරතුරු වලින් බොහොමයක් ඔහුගේ යටි සිතේ තැන්පත් වේ. අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ තීරණ ගැනීමේදී එලෙස තමා රැස් කල තොරතුරු පුද්ගලයා යොදා ගනී. ඉතා හොද තොරතුරු රැස් කරගෙන ඇති පුද්ගලයෙකු වඩා ගුණාත්මක තීරණ ගැනීම කරයි. ඇතම් චිත්තවේග නිසා අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය නිසි ලෙස ක්‍රියාත්මක නොවන අතර පුද්ගලයෙකුට තම චිත්තවේග පාලනය කරගැනීමට ඇති හැකියාව මෙම සන්නිවේදනයේ ගුණාත්මක බව ඉහල නංවයි. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ පහත ලක්ෂණ දැකිය හැක.

  • පුද්ගලයා තුල සිදුවන ආත්ම භාෂණයකි.
  • සන්නිවේදනය හා ග්‍රාහකයා එකම පුද්ගලයෙකු වේ.
  • මනස ප්‍රමුඛ වේ
  • පුද්ගල මතකයට සම්බන්ධ හා ස්වයං දෘෂ්ඨියට අදාළ වේ.
අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය උදහරණයක් ඇසුරින් පහත ලෙස විස්තර කළ හැක. අප රුපවාහිනිය නරඹන විට යම් වැඩසටහනකට අකමැත්තක් දක්වයි නම් එම නාලිකාව මාරු කිරීම හෝ රුපවාහිනිය වසා දැමීම කරයි. රුපවාහිනිය නැරඹීම ආරම්භ කල මොහොතේ සිට එය වසා දමන තුරු මනසේ සිදුවන ක්‍රියාකාරකම් අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයට අයත්ය. තවත් උදාහරණයක් නම් ගිනි අගුරක් පෑගුන විට කකුල ඉක්මනින් ඉවතට ගන්නේ අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය නිසාවෙනි.


අන්තර් පුද්ගල සන්නිවේදනය

මෙය පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවන සන්නිවේදනයයි. මෙය පුද්ගලාන්තර සන්නිවේදනය හා යුගල සන්නිවේදනය ලෙසද හැදින්වේ. අන්තර් පුද්ගල සන්නිවේදනය හරහා වඩා ප්‍රභල හා ඵලදායි සන්නිවේදනයක් සිදුකළ හැක. අන්තර්ජාලය හේතුකොට ගෙන ලොව එහා කෙලවරේ ඉන්නා කෙනෙකුගේ මුහුණ බලාගෙන වුවද කතා කිරීමේ හැකියාව imo, skype, viber වැනි මෘදුකාංග තුලින් අපට ලබාදී ඇත. අන්තර් පුද්ගල සන්නිවේදනයේ ලක්ෂණ පහත ලෙස වෙන් කල හැක.

  • පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවීම
  • වාචිකව මෙන්ම නිර්වචිකවද සිදුකළ හැකි වීම
  • ප්‍රතිචාර ක්ෂනිකව සිදුවීම
  • සන්නිවේදනයේ භාධක අවම වීම
  • තාක්ෂණික උපකරණ භාවිතයට හැකි වීම.
  • අන්තර් පුද්ගල සන්නිවේදනයට උදාහරණ ලෙස කඩේකින් භාණ්ඩයක් මිලදී ගැනීම, මවගෙන් කරුණක් විමසීම, මිතුරෙකුට දුරකථන ඇමතුමක් ලබා දීම වැනි අවස්ථා දැක්විය හැක.

සමූහ​ සන්නිවේදනය

සමුහයක් අතර සිදුවන සන්නිවේදනය සමූහ​ සන්නිවේදනයයි. අවන්හලකට ගොඩවන පිරිමින් හා නෑමට ළිද ලඟට රොක් වන ගැහැනුන් මේ සන්නිවේදන ස්වරුපය සම්පුර්ණ කරයි. මෙහිදී පුද්ගලයින් දෙදෙනෙකුට වැඩි ගණනක් සම්භන්ද වේ. මෙම පුද්ගලයන් සමුහය කුඩා හෝ විශාල විය හැක. සවන්දීම යන සංකල්පය සමුහ සන්නිවේදනයේදී දැඩිව ක්‍රියාත්මක වේ.

සමුහ සන්නිවේදනයේ ලක්ෂණ පහත ලෙස දැක්විය හැක.

  • සාමුහික ක්‍රියාවලියක් වීම
  • මත ගණනකින් වඩා ඵලදායි මතයට අවස්ථාව ලැබීම
  • නිශ්චිත පොදු අරමුණක් ඇතිව ක්‍රියාත්මක කිරීම 
ජන සන්නිවේදනය

ජනමාධ්‍ය යොදාගෙන අතිවිශාල ජනතාවකට එකවර තොරතුරු බෙදා හැරීම ජන සන්නිවේදනයයි. ඉදිරියේ නොසිටින, නොපෙනෙන, ගණන් කිරීමට නොහැකි තරමේ විශාල පිරිසක් වෙත පණිවිඩය යොමු කිරීම මෙහිදී සිදු වේ.රුපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත් වැනි ජන මාධ්‍ය හරහා මෙම සන්නිවේදන ක්‍රමය ක්‍රියාත්මක වේ. මෙය සෑම විටම උසස් තාක්ෂනය හා පුහුණු මාධ්‍යකරුවන් හරහා සංවිධානාත්මකව සිදුවේ. ජන සන්නිවේදනයේ පහත ලක්ෂණ දැකිය හැක.

  • වෘත්තිය සන්නිවේදකයන් සිටීම
  • සන්නිවේදනය වන්නේ පොදු පණිවිඩයකි
  • විශාල ග්‍රාහක පිරිසක් ඇත
  • සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර පෞද්ගලික හදුනුම්කමක් නැත
  • ආයතනික රටාවක් ඔස්සේ ක්‍රියාත්මක වේ
  • ප්‍රමාද වූ ප්‍රතිචාර දක්නට ලැබේ.





No comments:

Early days of English newspapers in Sri Lanka

  Early days of English newspapers in Sri Lanka By the time the first Sinhala newspaper appeared in 1860, several English newspapers had bee...